(තිලකරත්න දිසානායක)
පෞද්ගලික දුරකථන සමාගමක ගම්පහ ශාඛාවෙහි 10 දෙනෙකුට කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් එම කාර්යාලය වසා දැමීමට ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගෙන ඇත.
එම කාර්යාල කාර්යමණ්ඩලයේ කිහිපදෙනෙකු උණ සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම මත එහි 13 දෙනෙකු ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයට ලක් කළ අවස්ථාවේ, ඉන් 10 දෙනෙකු ආසාදිතයින් බවට තහවුරුවී යැයි ගම්පහ සහකාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය.
එම කාර්යාල ශාඛාවෙහි 31 දෙනෙකු සේවය කරන බවත් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයට ලක්කළ පිරිස හැර අන් සියලුම දෙනා පී.සී.ආර් පරීක්ෂාවට ලක්කිරීමට පියවර ගනු ලබන බවත් ඔවුන් රැදී සිටින ස්ථානයේදී නිරෝධායනය කිරීමට පියවර ගත් බවත් ගම්පහ මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක නන්දන පතිරගේ මහතා පැවසීය.

