දුරකතන කුටිවල තැටි ගැලවූ තාක්ෂණ නිලධාරියා මාට්ටු


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ටෙලිකොම් සමාගමේ මාර්ගස්ථ විදුලි සන්නිවේදන කුටි විවෘත කර රුපියල් කෝටි 13 කට වඩා වටිනා විද්‍යුත් මෘදුකාංග තැටි සොරා ගැනීමේ ජාවාරමක නිරත වූ එම සමාගමේ තාක්ෂණ නිලධාරියකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු බියගම ඉංජිනේරු කාර්යාලය ට අනියුක්තව සේවය කරන්නෙකි.

සැකකරු සොරාගත් භාණ්ඩ ප්‍රවාහනයට සහය වු ත්‍රී රෝද රථ රියැදුර ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන්ගේ ප්‍රකාශ මත ප්‍රදේශය හතක පිහිටා තිබෙන මාර්ගස්ථ විදුලි සන්නිවේදන කුටි නවයකින් සොරා ගෙන තිබූ විද්‍යුත් මෘදුකාංග තැටි මෙන්ම ඒවා කැබලි බවට පත් කර තිබූ විශාල තොගයක්,ආරෝපණ බැටරි දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.