දුර සේවා පෞද්ගලික බස් කොට උඩ


ඉල්ලීම් 11 ක් මුල් කරගනිමින් දුර සේවා පෞද්ගලික බස් රථ රියදුරු හා කොන්දොස්තරවරු වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

පිටකොටුව බැස්ටියන් මාවත පෞද්ගලික බස් පර්යන්තයේ කිසිදු දුර සේවා බස් ගමනාගමනයක් සිදු නොකෙරේ.

පානදුරේ පොදු බස් නැවතුම්‍පොළෙන් පිටත්වන සියලු පෞද්ගලික බස් අද උදෑසන සිට නතර වී ඇත. 

බස් නතර කිරීමේ පහසුකම්,  වැසිකිලි පහසුකම් හා  මහජන පහසුකම් ඇතුළු ඉල්ලීම් 15 ක් මත බස් සේවකයෝ මෙම වර්ජනය ආරම්භ කර ඇත.

කොළඹ එන බස් නතර කිරීමට තැනක් නැතැයිද ඔවුහු  කියති.

පෞද්ගලික බස් රථ 215 ක පමණ සේවකයෝ මෙම වර්ජනයට එක්ව සිටියහ.

ලංගම බස් රථ පමණක් ධාවනය කරනු දක්නට ලැබිණි

 IMG_3423 IMG_3427 IMG_3429 IMG_3430 IMG_3431 IMG_3433