(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම කොළඹ මාර්ගයේ දුර ගමන් සේවා බස් රථවල මගීන් හා බස් රථ රියදුරන් පුත්තලම සිරම්භිඅඩිය ප්‍රදේශයේදි පැය දෙකකට ආසන්න කාලයක් මාර්ගය වසා රථවාහන පොලිස් නිලධාරින්ට විරෝධය පළ කිරිම නිසා ගමනාගමන කටයුතු වලට බාධා එල්ල විය.
පුත්තලම අනුරාධපුර මාර්ගයේ ගමන් කළ යාපනය - කොළඹ , මන්නාරම - කොළඹ , අනුරාධපුර - කොළඹ දුර ගමන් සේවා බස් රථවල වැඩිපුර මගීන් රැගෙන යාම හේතුවෙන් අධිවේගී මාර්ග පොලිසිය දඩ කොළ නිකුත් කිරිමත් සමග මෙම උණුසුම් තත්වය මතුව තිබිණී .
දුර ගමන් සේවා බස් රථවල රියදුරන් පවසා සිටියේ මෙසේ වැඩි පුර රැගෙන ආ මගීන් කලාඔය සිට පුත්තලම දක්වා පමණක් ගමන් කරන මගින් බවත් වෙනත් ප්‍රවාහන සේවයක් නොමැති නිසා දෛනිකව මෙසේ මෙම මගින් රැගෙන එන බවත්ය.
මගින් පවසා සිටියේ තමන්ට මෙම මාර්ගයේ ගමන් කිරිමට වෙනත් පොදු ප්‍රවාහන ක්‍රමයක් නොතිබිම නිසා මෙම බස්රථවල ගමන් කිරිමට සිදුව තිබියදි ඒ කිසිවක් සොයා නොබලා රථවාහන පොලිස් නිලධාරින් දඩ නිකුත් කිරිම අසාධාරණ බවයි .
පුත්තලම මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක අනුර ගුණවර්ධන මහතා එහි පැමිණ සියලුම රියදුරන්ට පුත්තලම පොලිස් අධිකාරි කාර්යාලයට පැමිණෙන ලෙස දැන්වු අතර ඉන් පසු විරෝධතාවය අවසන් කෙරිණි.





