දුර ගමන් සේවා බස් රථවල මගීන්ට නින්ද ගිය පසු ඔවුන් සතු ලැප්ටොප් පරිගණක හා ජංගම දුරකථන සොරාගැනීමේ යෙදුණු පුද්ගලයන් දෙදෙනෙක් සොරාගත් ලක්ෂ 9 ක් පමණ වටිනා භාණ්ඩ සමග පානදුර, කෙසෙල්වත්තේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ලැප්ටොප් 7 ක් හා ජංගම දුරකථන 2 ක් ඔවුන් අඩුමිලට විකුණා තිබියදී පොලිසිය විසින් සොයාගනු ලැබ ඇති අතර එම භාණ්ඩ හිමිකරුවන් හඳුනාගැනීමට පොලිසිය මහජන සහාය පතයි.


