දුම් පානයෙන් ලොව පුරා හැට ලක්ෂයකට ආසන්න පිරිසක් සෑම වසරකම මිය යන බවත් ඔවුන්ගෙන් වැඩ් ප්‍රමාණයක් අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල වැසියන් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත.
මේ තත්ත්වය ඉදිරියේද පැවතුනහොත් 2030 වන විට දුම්පානයෙන් මිය යන සංඛ්‍යාව අසු ලක්ෂය තෙක් ඉහළ යතියි එම සංවිධානය කියයි.
2030 වන විට සිදු වෙතියි අපේක්ෂා කරන මරණ වලින් සියයට අසුවක් සිදුවිය හැක්කේ අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවලින් යැයිද එම වාර්ථාවේ සදහන් වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය මාග්‍රට් මෑන් පැවසුයේ දුම්කොළ නිශ්පාදනය ඒ ආශ්‍රිත ප්‍රචාරක කටයුතු නොකළහොත් තරුණයින් තව තවත් දුම්පානයට නැඹුරු වන බවයි.