ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු පස් දෙනකු කොළොන්නාවේදී වෙඩි තබා මරා දැමී යැයි කියන සිද්ධියේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු දොළොස්දෙනකුට එරෙහිව නඩු පැවරීම සඳහා බැලු බැල්මට සාක්කි අැතැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද ප්‍රකාශ කළේය.
2011 පළාත් පාලන ඡන්දයේ ප්‍රචාරක රැලියකදී මේ වෙඩි තැබීම සිදු විය.
ලබන අප්‍රේල් පළමුවැනිදා සැකකරුවන්ට එරෙහි චෝදනා පත්‍ර ඉදිරිපත් කරන බව අතිරේක මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය.
එම සැකකරුවන් එම ඝාතනවලට හවුලේ වගකිවයුතු බවට මුලික සාක්කි විභාගයේදී සාක්කි ඉදිරිපත් කළ බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ තුසිත් මුදලිගේ මහතා කියා සිටියේය.
අපරාධ විධිවිධාන සංග්‍රහයේ 153 වගන්තිය යටතේ සැකකරුවන් නිදහස් කරන්නැයි විත්තියෙන් කළ ඉල්ලීම ඉවත දමන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.
විත්තියේ ඉල්ලිම ඉවත දැමු අතිරේක මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේ සැකකරුවනට එරෙහිව මිනි මැරීමේ චෝදනා ඉදිරිපත් කළ හැකි බවයි.
චෝදනා භාරදුන් පසු විත්තියට කරුණු දැක්වීමට හෝ සාක්කි මෙහෙයවීමට ඉඩ ඇතැයිද අතිරේක මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය.

