මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ හිටපු වෘත්තීය සමිති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ සැකකරුවන් 11 දෙනකුට අද කොළඹ මහාධිකරණයේ දී චෝදනා පත්‍ර භාර දෙනු ලැබීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු එම සියලු දෙනාට දැඩි ඇප කොන්දේසි ද පැනවිනි.
දුමින්ද සිල්වාගේ ගමන් බලපත්‍රයට උසාවි භාරයට ගෙන ඔහුගේ පෙර ඇපය ද වැඩි කැරිණි.
ඒ අනුව රුපියල් දස ලක්ෂය බැගින් වූ ඇපකරුවන් දෙදෙනකු ඉදිරිපත් කරන ලෙස අලුතෙන් නියම කැරිණි.
මාසයකට වරක් පොලිසියේ පෙනී සිටින ලෙස ද නියෝග කැරිණි.
සැකකරුවෝ දෙදෙනෙක් අධිකරණයට පැමිණ නොසිටියහ. සැකකරුවන්ගේ මුළු ගණන 13කි.
2011 ඔක්තෝබර 08 වැනි දා පළාත් පාලන ඡන්දය දා කොලොන්නාවේ දී භාරත ඇතුළු සිව් දෙනෙක් වෙඩි තබා මරා දැමීමට සැකපිට දුමින්ද සිල්වා ඇතුළු 13 දෙනකුට වඩු පවරා ඇත.
ඇප කොන්දේසි කඩකළ සැකකරුවන් රිමාන්ඩ් කරන බව විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය සැකකරුවනට අවවාද කළාය.
(වීඩියෝ සනත් ඩෙස්මන්)

