දුමින්දටත් නඩු


භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු සැකකරුවන් 13 දෙනකුට නඩු පවරන ලෙස නීතිපති රහස් පොලීසියට උපදෙස් දුන්නේය.

ජනාධිපති වෘත්තීය සමිති උපදේශකයකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු 2011 ඔක්තෝබර  මස කොළොන්නාවේදී ඝාතනයට ලක් වූයේ ඡන්ද කටයුතුවල යෙදී සිටියදීය.

එම සිද්ධියේදී තුවාල ලැබූ දුමින්ද සිල්වා තවමත් සිංගප්පූරුවේ මවුන්ත් එළිසබත් රෝහලේ ප්‍රතිකාර ලබයි.