ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනකු කොළොන්නාවේ ඡන්ද රැළියක් අසළදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද පෙරවරු 10.05 ට අත්අඩංගුවට ගත් බව රහස් පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අතිරේක මහේස්ත්‍රාත් සඳුන් විතාන මහතාට දැන්වීය.
ඔහු එම කරුණු ඉදිරිපත් කළේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුව අද යළි විභාගයට ගත් අවස්ථාවේය.
චෝදනා පත්‍රය කියවා ඔහු අත්අඩංගුවට ගෙන නවලෝක රෝහලේ ඔහු සිටින කාමරයට පොලිස් මුර යෙදූ බව ද පොලිස් අධිකාරී උසාවියට සැළ කර සිටියේය.
ඔහුගේ හිසට බරපතල සැත්කමක් කර ඇති හෙයින් රෝහලෙන් එළියට ගියහොත් විෂබීජ ඇතුළු වී ඔහුගේ ජීවිතයට තර්ජනයක් විය හැකි බව වෛද්‍යවරුන් පැවසීයැයි අබේසේකර මහතා උසාවිය හමුවේ කියා සිටියේය.
දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී අනූජ ප්‍රේමරත්න මහතා ඔහුගේ සැත්කම පිළිබඳ සවිස්තරව කරුණු දක්වමින් රෝහලෙන් ගියහොත් තුවාලවලට විෂබීජ ඇතුළුවී ඔහුගේ මරණය පවා සිදුවීමේ ඉඩකඩ ඇති බව කීවේය.
මියගිය ප්‍රේමචන්ද්‍ර මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටි නීතිවේදී අජිත් පතිරණ මහතා කරුණු දක්වමින් දුමින්ද සිල්වා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරන්නැයි ඉල්ලා සිටියේය. ඔහුට උසාවි පැමිණීමට නොහැකිනම් මහේස්ත්‍රාත්වරයා ඔහු සිටින තැනට ගොස් නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයි ද නීතීඥවරයා ඉල්ලා සිටියේය.
නඩුවේ සැකකරුවෝ ලබන 14 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
විනිසුරු නවලෝක රෝහලේ
දුමින්ද බලන්න උසාවියෙන් රෝහලට
2013 මාර්තු මස 05 13:30:39 | . , පාරුක් තාජුඩීන්
රහස් පොලීසියෙන් අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා බැලීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සඳුන් විතාන මහතා කොළඹ නවලෝක රෝහලට යෑමට නියමිතය.
ඔහු බරපතල සැත්කමකට භාජනය කර ඇති හෙයින් රෝහලෙන් පිටවී යෑම ඔහුගේ ජීවිතයට තර්ජනයක් විය හැකි බවත්, ඊට හේතුව විෂභීජ ඇතුළුවීමට ඉඩ ඇති බවත් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී අනුජ ප්‍රේමරත්න මහතා උසාවියට දැන්වීය.
දුමින්ද සිල්වා අත්අඩංගුවට ගනී
පොලිස් රැකවරන මැද රෝහලේ
2013 මාර්තු මස 05 13:00:09 | .
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද පෙරවරු 10ට අත්අඩංගුවට ගත් බවත්, පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවත් රහස් පොලීසිය කොළඹ මහේස්ත්‍රාත් උසාවියට මින් මද වේලාවකට කළින් දැන්වීය.
දුමින්ද සිල්වා කොළඹ රෝහලක
රහස් පොලීසිය කටඋත්තර ගන්න සැරසෙයි
2013 මාර්තු මස 05 10:59:00 | දීපා අධිකාරී , තරිඳු ජයවර්ධන
සිංගප්පූරුවෙන් පැමිණි ගමන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු කරනු ලැබ ඇතැයි පොලීසිය කියයි.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලීසිය ඔහුගෙන් කටඋත්තරයක් ලියා ගැනීමට සැරසෙයි.
දුමින්ද සිල්වා එයි
රෝද පුටුවෙන් යයි
2013 මාර්තු මස 05 08:07:08 | දීපා අධිකාරී
2011 ඔක්තෝබර අට වැනි දා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුම්න්ද සිල්වා අද අලුයම එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 349 දරණ ගුවන් යානයකින් දිවයිනට පැමිණියේය.
ඔහු රැගෙන යෑම සදහා ප්‍රාඩෝ වර්ගයේ වාහන හතරක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අංගනයට පැමිණ ඇති බවත්, ඔහු එම වාහන වලට ගොඩවී ඇත්තේ රෝද පුටුවක ආධාරයෙන් බවත් දැනගන්නට ඇත.
අසාධ්‍ය තත්ත්වයෙන් විශේෂ ගිලන් ගුවන්යානයකින් සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට රැගෙන ගිය දුමින්ද සිල්වා පසුගිය ජනවාරි තෙක් රෝහලේ ප්‍රතිකාර ලැබීය. සැත්කම් කිහිපයකට ලක්වූ ඔහු ඉන් පසු වෙනම විවේක ස්ථානයක කල් ගත කළේය.
ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු ඝාතනයට ලක්වූ වෙඩිතැබීමේදී ඔහුට ද වෙඩි වැදී බරපතල තුවාල සිදු විය.
ඝාතන පිළිබඳ නඩු විභාගයේදී රහස් පොලීසිය අධිකරණයට දැන්වූයේ එදා මුල්ලේරියාවේදී සිදුවූ කිසිවක් මතක නැති බව දුමින්ද සිල්වා කියා ඇති බවයි.
ඔහු මුලින්ම ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළු කරනු ලැබීය. සිංගප්පූරු රෝහලට ඇතුළු කැරුණේ 2011 නොවැම්බර් පළමුවැනිදා ය.
දුමින්ද සිල්වා ඇතුළු සැකකරුවන් 13න් දෙනකුට එරෙහිව නඩු පවරණ ලෙස නීතිපති පසුගිය 19 වැනිදා රහස් පොලීසියට උපදෙස් දුන්නේය.
මිනීමැරීම, කුමන්ත්‍රණය කිරීම, මිනීමැරීමට තැත් කිරීම හා නීති විරෝධී ජනරාශිය යන චෝදනා යටතේ රහස් පොලීසිය ඔවුනට එරෙහිව නඩු පැවරීය.
භාරත ලක්ෂ්මන් වෙඩි තබා ඝාතනය කරයි
දුමින්ද බලන්න රට වෛද්‍යවරු එති
දුමින්ද ගැන අදත් ප්‍රශ්න මතුවෙයි
භාරත ලක්ෂ්මන් මිනී මැරුමේ පහකට ඇප
”දුමින්ද මාසේ අන්තිමට උසාවි එනවා”