දුමින්දට රතු වරෙන්තුවක් ඉල්ලයි
කොලොන්නාවේදී හිටපු මන්ත‍්‍රී භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු සිවු දෙනකු ඝාතන සිද්ධියේ සැකකාර පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා සිංගප්පූරුවේ ප‍්‍රතිකාර ලබන රෝහල හා ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳව අපේ‍්‍රල් 4 වැනිදාට විස්තර වාර්තාවක් ගොනු කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා රහස් පොලිසියට නියෝග කළේය.
රහස් පොලිසියට මේ පරීක්ෂණ හරිහැටි කළ නොහැකි නම් ඒ බව දන්වන ලෙස ද මහේස්ත‍්‍රාත් කීවේය.
රහස් පොලිසිය පරීක්ෂණවලින් මගහරිතියි භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ අයිතිවාසිකම් සොයා බලන ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා පැවසූවේ දුමින්ද සිල්වා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය මගින් රතු වරෙන්තුවක් නිකුත් කරන ලෙසයි.
සැකකරුවෝ 16 දෙනා අපේ‍්‍රල් 4 වැනිදා තෙක් යළි රිමාන්ඞ් කරනු ලැබූහ.

