භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනකු ඝාතනයේ සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා රුපියල් පනස් දහසක මුදල් ඇප ද, රුපියල් පන් ලක්ෂය බැගි ශරීර ඇප දෙකක් ද මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා අද නියෝග කළේය.
අධිකරණයේ අවසරයකින් තොරව ඔහුගේ විදේශ ගමන් තහනම් කළ විනිසුරුවරයා සාක්කිකරුවනට බලපෑම් කළහොත් ඇප අවලංගු කරන බව ද පැවසීය.
2011 ඔක්තෝබර මාසයේ කොලොන්නාවේදී සිදුවූ වෙඩිතැබීමෙන් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු ඝාතනය විය.
කොළඹ නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබන දුමින්ද සිල්වා අධිකරණයට පැමිණ සිටියේ නැත.