දුමින්දගේ නඩුවට ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක්?


භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව්දෙනකු ඝාතනයේ සැකකරුවන්ට එරෙහි නඩුව මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස නීතිපති යුවන්ජන් විජේතිලක මහතා ඒ.ශ්‍රීපවන් අගවිනිසුරුගෙන් ඉල්ලීමක් කර ඇත.

මෙම සිද්ධිය විශේෂ අධිකරණ කාර්යයක් සේ සලකා ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් පත් කරන්නැයි නීතිපති ඉල්ලයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මෙම නඩුවෙන් චෝදනා ලබා සිටී.