භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ තවත් සැකකරුවෝ තිදෙනෙක් කොළඹ මහාධිකරණයෙන් අද ඇප ලැබූහ. මේ තිදෙනාම පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ පෞද්ගලික ආරක්ෂකයෝය.
රුපියල් 50000 ක් හා රුපියල් පන්ලක්ෂය බැගින් වූ ඇප දෙකක් මත චන්දන ජගත් කුමාර, චමින්ද සමන්කුමාර සහ සුරංග ප්‍රේමලාල් එසේ මුදා හළ දෙදෙනාය.
උසාවියේ අවසරයක් නොමැතිව ඔවුනට රටින් පිටවීම තහනම් කළ විනිසුරු ලලිත් ජයසූරිය මහතා ඔවුන්ගේ ගමන් බලපත් උසාවිය භාරයට ගත්තේය.
හැම මාසයකම අවසන් සෙනසුරාදා රහස් පොලීසියේ පෙනී සිටින ලෙසද, සාක්කිකරුවනට බලපෑම් නොකරන ලෙස ද, එසේ කළහොත් ඇප අවලංගු කරන්නේයැයි ද විනිසුරු ඔවුනට අවවාද කළේය.
මේ සැකකරුවෝ වසරකට අධික කාලයක් රිමාන්ඩ් බාරයේ සිටියහ.
2011 ඕතෝබර අට වැනිදා කොළොන්නාවේදී ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනකු ඝාතනය කළැයි දුමින්ද සිල්වා ද ඔවුහු ද සැකකරුවෝය.