දුමින්ද සිල්වාගේ ගිණුම් පරීක්ෂා කරන්න නියෝග


ජාත්‍යන්තර කුඩු ජාවාරම්කරුවකු බව කියන වෙළේ සුදා නොහොත් සමන්ත කුමාර සමග මුදල් ගනුදෙනු කළ බවට චෝදනා එල්ලවී ඇති කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.දුමින්ද සිල්වාගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ලබාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කියයි.

දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට රටින් පිටවීම තහනම් කරමින් පනවා තිබූ නියෝගය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට අවසර ලබාගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසීය.