භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ වෛද්‍ය සායනයකට යෑම සඳහා මෝසමක් මගින් කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (28) ඉවත දැමීය.
සායනයකට සහභාගී වෙන්නැයි දුමින්ද සිල්වාට සැත්කම කළ වෛද්‍යවරයා දන්වා ඇති හෙයින් දෙසතියකට ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය මුදා හරින්නැයි ඔහුගේ නීතීඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
මහේස්ත්‍රාත්වරයා පැවසුවේ කරුණු දෙකක් මත එම ඉල්ලීමට ඉඩ දිය නොහැකි බවයි.
මහාධිකරණයෙන් දුමින්ද සිල්වාට ඇප නියම කිරීම එක් හේතුවකි.
සායනයකට සහභාගී වීම සඳහා ඉල්ලීම කළත් ප්‍රමාණවත් වෛද්‍ය සාක්කි ඉදිරිපත් නොකිරීම අනෙක් හේතුව බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.