දුමින්ද සිල්වාගෙන් ඇපෑලක්


භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව්දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියට  වැරදිකරු වී මරණ දණ්ඩනය නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට වෙතට අද  (22) අභියාචනයක් ඉදිරිපත් කර ඇත.

එම අභියාචනය කොළඹ මහාධිකරණය මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම ගොනු කර ඇත.

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ තීන්දුවක් මත තමන්ට මරණීය දණ්ඩනය පැනවීම නීතියට පටහැනි බව දුමින්ද සිල්වා මහතා අදාළ අභියාචනය මගින් පෙන්වා දී තිබේ.
ඒ හේතුවෙන් එම දඬුවම අහෝසි කර සියළු චෝදනාවලින් තමන් නිදොස් කොට නිදහස් කරන මෙන්  ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඔහු ඉල්ලා ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම හිටපු ජනපතිගේ වෘත්තීය සමිති කටයුතු උපදේශකවරයෙකු ද වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ‍චෝදනා ලැබූ 13 දෙනෙකුගෙන් දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනෙකුට පසුගිය 8 වැනි දා මරණ දඬුවම නියම විය.

ඔවුන්ගෙන් තිදෙනෙකු ද එම නියෝගයට එරෙහිව පසුගියදා ඇපෑල් ගත්හ.