දුමින්ද සිල්වා සෙනසුරාදා ගෙදර යයි


පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සෙනසුරාදා උදේ 11.15ට කොළඹ නව‍ලෝක රෝහලින් සිය නිවසට යන බව හිරු රූපවාහිනය හා ගුවන්විදුලිය කියයි. ඔහු අද ඇප ලියවිලිවලට රෝහලේ දී අත්සන් තැබීය. ඔහු වසරකට වැඩි කාලයක් සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලැබීය. මාසයකට පමණ කලින් එම රෝහලේ සිට නවලෝක රෝහලට පැමිණියේය.