හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා 2011 සිට 2014 දක්වා වත්කම් හෙළි නොකළැයි පවරා ඇති නඩු තුනක වරද පිළිගෙන නඩු කෙටියෙන් අවසන් කර ගැනීමට අද (11) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී කැමැත්ත පළ කළේය. ඔහුගේ නීතීඥ අනූජ ප්‍රේමරත්න මහතා ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ කියා සිටියේ දුමින්ද සිල්වා නඩුව අවසන් කර ගැනීමට වරද පිළිගන්නා බවයි. ඒ අනූව නඩුව අප්‍රේල් 18 දක්වා කල් තැබිණි.

