දුමින්ද සිල්වා රහස් පොලීසියෙන් යයි: පැය හතක්ම ප්‍රශ්න කරලා


කොළඹ අපරාධ පර්යේෂණ  දෙපාර්තමේන්තුවේදී  රහස් පොලිස් නිලධරයෝ  පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගෙන් අද(10) පැය හතක් ප්‍රශ්න කර කට උත්තර ලියාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

ප්‍රකාශ වලින් පසුව මන්ත්‍රීවරයා රහස් පොලීසියෙන් පිටවී ගියේය.

වෙලේ සුදා හෙවත් විදනලාගේ සමන්ත කුමාර දුමින්ද සිල්වා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයද දුමින්ද සිල්වා කළ ප්‍රකාශද සසදා බලා ඊ ළඟ  පියවර ගන්නා බව පොලීසිය පවසයි.