දුමින්ද සිල්වා පිළිගන්න 3000ක්


දුමින්ද සිල්වාගේ පෞද්ගලික ආරක්ෂකයෝ ඔහු වටේම සිටියහ. ඔහු බදා ගැනීමට බොහෝ දෙනෙක් පොරකෑහ.

තැන තැන රතිඤ්ඤා පත් කිරීම්, ප්‍රීති ඝෝෂා හා මල්මාලා උඩට විසිකර යළි අල්ලා ගන්නා සිද්ධිද දැක ගත හැකි විය.

11.35ට පමණ ඔහු ජිප් රියට නැගුනේය. ඒ සමගම ජිප් රිය පොලිස් ආරක්ෂාව හා පෞද්ගලික ආරක්ෂාව මැද්දේ පිටත්ව ගියේය.

ඔහු බැලීමට මව සහ පියාද පැමිණ සිටියහ.