දුමින්ද සිල්වා එයි


 2011 ඔක්තෝබර අට වැනි දා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ  සැකකරුවෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුම්න්ද සිල්වා අද අලුයම එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 349 දරණ ගුවන් යානයකින් දිවයිනට පැමිණියේය.

ඔහු  රැගෙන යෑම සදහා ප්‍රාඩෝ වර්ගයේ වාහන හතරක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අංගනයට  පැමිණ ඇති බවත්, ඔහු  එම වාහන වලට ගොඩවී ඇත්තේ  රෝද පුටුවක ආධාරයෙන් බවත් දැනගන්නට ඇත.

අසාධ්‍ය තත්ත්වයෙන් විශේෂ  ගිලන් ගුවන්යානයකින් සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට රැගෙන ගිය දුමින්ද සිල්වා පසුගිය ජනවාරි තෙක් රෝහලේ ප්‍රතිකාර ලැබීය. සැත්කම් කිහිපයකට ලක්වූ ඔහු ඉන් පසු වෙනම විවේක ස්ථානයක කල් ගත කළේය.

ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු ඝාතනයට ලක්වූ වෙඩිතැබීමේදී ඔහුට ද වෙඩි වැදී බරපතල තුවාල සිදු විය.

ඝාතන පිළිබඳ නඩු විභාගයේදී රහස් පොලීසිය අධිකරණයට දැන්වූයේ එදා මුල්ලේරියාවේදී සිදුවූ කිසිවක් මතක නැති බව දුමින්ද සිල්වා කියා ඇති බවයි.

ඔහු මුලින්ම ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළු කරනු ලැබීය. සිංගප්පූරු රෝහලට ඇතුළු කැරුණේ 2011 නොවැම්බර් පළමුවැනිදා ය.

දුමින්ද සිල්වා ඇතුළු සැකකරුවන් 13න් දෙනකුට එරෙහිව නඩු පවරණ ලෙස නීතිපති පසුගිය 19 වැනිදා රහස් පොලීසියට උපදෙස් දුන්නේය.

මිනීමැරීම, කුමන්ත්‍රණය කිරීම, මිනීමැරීමට තැත් කිරීම හා නීති විරෝධී ජනරාශිය යන චෝදනා යටතේ රහස් පොලීසිය ඔවුනට එරෙහිව නඩු පැවරීය.

 භාරත ලක්ෂ්මන් වෙඩි තබා ඝාතනය කරයි

 දුමින්ද ශ්‍රීජයවර්ධනපුර රෝහලට

 දුමින්ද බලන්න රට වෛද්‍යවරු එති

 දුමින්ද සිල්වා සුව අතට

 භාරත ඝාතනයේ වීඩියෝව නීතිපතිට

 ‘දුමින්ද සිල්වා සැකකරුවෙක්‘

 දුමින්ද තවමත් සිංගප්පූරුවේ

 දුමින්ද ගැන අදත් ප්‍රශ්න මතුවෙයි

 භාරත ලක්ෂ්මන් මිනී මැරුමේ පහකට ඇප

 ”දුමින්ද මාසේ අන්තිමට උසාවි එනවා”

 දුමින්ද මාර්තු 17 උසාවියට