මහින්ද රාජපක්ෂ ජනපතිගේ වෘත්තිය සමිති උපදේශක භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ද තවත් තිදෙනකුද ඝාතන සම්බන්ධයෙන් සැක පිට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා කොළඹ නවලෝක රෝහලේදී ඇප ලියවිලි වලට අද (26) අත්සන් කළේය.
ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසුරිය මහතා ඇතුළු නිතීඥවරු එම ලියවිලි මහාධිකරණට රැගෙන ආහ.
දුමින්ද ඇප අත්සන් කළ ස්ථානයට යෑමට මාධ්‍යට අවසර නොලැබිණි.