භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කරන්නැයි ප්‍රේමචන්ද්‍ර මහතාගේ නීතීඥවරයා කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටි නමුත් මාර්තු 14 වැනිදා නඩු විභාගයට ඔහු ඉදිරිපත් කරන බව ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා පොරොන්දු විය.
අතිරේක මහේස්ත්‍රාත් සඳුන් විතාන මහතා හමුවේ දුමින්ද සිල්වා ඇතුළු 13 දෙනකුට චෝදනා හතරක් යටතේ නඩු පවරනු ලැබූහ.
ප්‍රේමචන්ද්‍ර මහතාගේ පොලිස් ආරක්ෂකයා වූ ආර් ජී ගාමිණී ඇතුළු සැකකරුවෝ හත් දෙනෙක් අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් මීට කලින් නිදහස් කරනු ලැබූහ.
ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු ඝාතනය කිරීම, ඝාතනයට තැත් කිරීම, නීති විරෝධී ජනරාශිය හා මිනී මැරීමට කුමන්ත්‍රණය කිරීම යන චෝදනා යටතේ දුමින්ද සිල්වාගේ පොලිස් ආරක්ෂක ඩබ් ඒ තුෂාර ද මෙල්, එච් ඒ චන්දන ජගත් කුමාර, එස් චමින්ද රවි ජයනාත්, කේ ඒ ලංකා රසාංජන, ඩබ්ලිව් ඒ මාලක සමීර, ඩබ්ලිව් අමිල, කේ ජී ඩී එම් සරත් බණ්ඩාර, සුරංග ප්‍රේමලාල්, සී එස් කුමාර අබේවික්‍රම, ඩී එන් ජේ බී ගලබඩ, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, රෝහණ මාරසිංහ හා එම් ඒ චමින්ද චෝදනා ලබති.
නිදහස ලැබූ හත්දෙනා මොවුහුය. මංජුල ප්‍රසාද් හෙට්ටිආරච්චි, මොහොමඩ් සප්‍රාස්, සෝමරත්නගේ තරිඳු අසංක, ඒ මධුසංඛ සිල්වා, ජී ජී මධුසංඛ, ගැටමාන්නගේ, ආර්ජී ගාමිණී.
නඩු විභාගය මාර්තු 17 වැනිදාට කල් තැබිණි.