පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මුල්ලේරියාවේ වල්පොළ හන්දීයේදී 2011 ඔක්තෝබර් 08 වැනිදා ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාට කම්මුල් පහරක් ගසනු දුටුවේයැයි හෂාන් ශෂීරංග අමරදේව නම් සාක්කිකරු කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ සාක්කි දෙමින් පැවසිය.
ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවි දෙනකු ඝාතන සම්බන්ධයෙන් දුමින්ද සිල්වා ඇතුළු 12 දෙනකු මේ නඩුවේ ප්‍රධාන සැකකරුවෝය.
‘‘දෙන්නාගේ වාහන ආවේ දෙපැත්තෙන් දුමින්ද සිල්වා ප්‍රේමචන්ද්‍රෙග් වාහනවලට අවහිර කළා ඔහු සිය වාහනයෙන් බැස්සා දුමින්ද සිල්වා ළගට ගියා ඔහුට කම්මුලට පහරක් ගැසුවා ඒ සමඟම වෙඩි හඬ ඇසුණා.
මා ප්‍රේමචන්ද්‍ර අල්ලාගෙන වාහනය ළගට ගියා.මා වාහනයට රිංගා පස්සාහ දොරෙන් වාහනයට ඇතුළු වුණා. ප්‍රේමචන්ද්‍රට සිදු වුණේ කුමක්දැයි බැලුවා . මා ඔහු රෝහලට ගෙන ගියා.‘‘
මධුෂානී පතිරණ ඊළගට සාක්කිදීමට කූඩුවට නැන්ගාය . ඇය කොටිකාවත්ත ප්‍රදේශිය සභාසභාපති ප්‍රසංග සෝලංග ආරච්චිගේ බිරියයි. වැඩිදුර විභාගය 17 වැනිදාට කල් තැබීය.

