දුමින්ද බලන්න ගිය විනිසුරුවරියට වැඩ වරදී


බන්ධනාගාර රෝහලට ගොස් එහි රඳවාගෙන සිටින භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රී ඇතුළු සිව් දෙනකු ඝාතනය කැර මරණීය දඬුවම් නියමවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හමුවූ බව කියන කොළඹ දිසා විනිසුරු අයේෂා ආබ්දීන් වහාම ක්‍රියාත්මක වන පරිදි අධිකරණ සේවා කොමිසමෙන් අනිවාර්ය නිවාඩු යැවීමට පියවර ගෙන ඇත.

මෙම සිද්ධියට අදාළව පුවත්පත් ඇතුළු මාධ්‍යවල පසුගිය දිනවල විශාල ප්‍රසිද්ධියක් ලැබුණු අතර එම සිද්ධි සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසමේ සභාපති අගවිනිසුරු කේ.ශ්‍රී පවන් මහතා ඇතුළු විනිසුරුවරු සාකච්ඡා කළහ.