දුමින්ද පිළිගන්න මහා පොරයක්


කොළඹ නවලෝක රෝහලේ සිය වාට්ටුවේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද දහවල් 11.25ට පමණ  රෝහලෙන් එළියට පැමිණියේය.

ඔහුගේ ආධාරකරුවන් සිටි දෙසට ඇවිදගෙන ආ දුමින්ද සිල්වා ඔවුන් සමග සිනහ මුසු මුහුණින් කතා කළේය.

ඔහු දැක ගැනීමටත්, මල් මාලා හා බුලත් හුරුළු පිළි ගැන්වීමටත් පිරිස පොරකන්නට වූහ.

දුමින්ද සිල්වාගේ පෞද්ගලික ආරක්ෂකයෝ ඔහු වටේම සිටියහ.

තැන තැන රතිඤ්ඤා පත් කිරීම්, ප්‍රීති ඝෝෂා හා මල්මාලා උඩට විසිකර යළි අල්ලා ගන්නා සිද්ධිද දැක ගත හැකි විය.