දුමින්ද පිළිගන්න මල් මාලා


වසරක් සිංගප්පූර් මවුන්ත් එලිසබෙත් රෝහලේ ද, මාස එකහමාරක් නවලෝක රෝහලේද ගත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා  ගෙදර යන්නට ලක ලෑස්ති වෙද්දී ඔහු පිළිගැනීමට දහසකට ආසන්න පිරිසක් රෝහල අවට රැව්වී සිටිති.

ඇතැමෙකු අත මල්මාලාද ඇත.

මාධ්‍යවේදීන් පනහකට වැඩි පිරිසක් රෝහල් රියගාල ඉදිරිපිට පෝටිපෝවේ රැඳී සිටිති.

අවිගත් පොලීසිය ප්‍රධාන දොරටුවට මුර යොදා ඇති අතර පොලීසියේ තවත් 25ක් 30ක් අසළ රාජකාරියේ යෙදී සිටී.

දුමින්දට පෙරවරු 11 සමීපන විට දහසකට වැඩි පිරීසක් නව ලෝක රෝහලේ ප්‍රධාන ගේට්ටුව අසල රැස්ව සිටියහ. ඉන් වැඩි දෙනා කාන්තාවෝය. රන් පැහැ මල් දම් හා පළඳනා ඇතැතිව මුස්ලිම් ජාතිකයෝ ද බොහෝ වූහ.

(ඡායාරූප රේඛා තරංගනී)