දුමින්ද දිසානායක රිය අනතුරක


අධ්‍යාපන සේවා ඇමති දුමින්ද දිසානායක මහතා වාරියපොළ පාදෙණියේ දී රිය අනතුරකට ලක්ව රෝහල්ගත කළ බව පොළීසිය කියයි. අද අළුයම තුනට මේ අනතුර සිදුව ඇත. ඔහුගේ රියදුරා ද තුවාල ලැබීය. ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ද සුළු තුවාල ලබා ඇත. දුමින්ද දිසානායක මහතා කොළඹ ජාතික රෝහලට ගෙනයනු ලැබූ අතර එතරම් අමාරුවක් නැතැයි අමාත්‍යවරයා පවසයි.