හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා පන්සල් ඇතුළු විවිධ ආයතනවලට කළ පරිත්‍යාග සංවිධානය කළ පුද්ගලයන් 21 දෙනකුගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කරන්නට යයි.
ඔවුහු අද (17) රහස් පොලිසියට කැඳවනු ලැබ සිටිති.
හෙරොයින් මත්කුඩු ශ්‍රී ලංකාවට එවූ බව කියන වෙළේ සුදා හෙවත් සමන්ත කුමාරගේ ප්‍රකාශයක් අනුව රහස් පොලිසිය මීට පෙර දුමින්ද සිල්වාගෙන් දින 3 කදී පැය 20 ක් පමණ ප්‍රශ්න කළේය.
යළිත් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට ඉඩ ඇතැයි කියති.

