දුමින්ද ගෙදර යන වාහනේ රෝහල් පෝටිකෝව යට


පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා කොළඹ නවලෝක රෝහලෙන් නිවස බලා යෑමට සියල්ල සූදානම් කර රෝහල් කාර්ය මණ්ඩලයෙන් සමු ගෙන තව මද වේලාවකින් එළියට පැමිණීමට නියමිතය.

ඔහු රැගෙය යන වාහනය ද රෝහල් පෝටිකෝව යටට මින් මදවේලාවකට පෙර රැගෙන ආවේය.

රෝහලේත් ඔහු පිළිගැනීමට හා ඔහු යනු දැක බලා ගැනීමට තැන තැන රැස්වී සිටින පිරිස් අතර ලොකු උනන්දුවක් දක්නට ඇත.

ඇතෙමෙක් හැඟීම් බරව කතා කරති.

ඇතෙමෙක් සිදුවන්නේ කිමෙක්දැයි විමසිල්ලෙන් සිටිති.

(ඡායාරූප රේඛා තරංගනී)