හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට එරෙහිව පවතින වත්කම් බැරකම් හෙළි නොකළැයි කියන නඩු තුනකට අදාළව ඔහුගේ රෝගී තත්වය සම්බන්ධයෙන් අද (26) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ බන්ධනාගරයෙන් ඉදිරිපත් කළ වාර්තාව කැඳවිණි.
නඩුව කැඳවු අවස්ථාවේ දී සැකකරු වන දුමින්ද සිල්වා මහතා කොළඹ ජාතික රෝහලේ මොළයේ ස්නායු සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්වා වාර්තාවක් වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද (26) නියෝග කළාය.
නඩුව පෙබරවාරි 13 වැනි දා යළි කැඳවිමට නියමිතය.

