දුමින්ද අදත් පැය හතක් රහස් පොලීසියේ


ජාත්‍යන්තර හෙරොයින් ජාවරම්කරුවකු බව කියන වෙලේ සුදා  සමඟ මුදල්  ගනුදෙනු කළැයි කියන සිද්ධියක් මත රහස් පොලීසිය අද (12) තෙවැනි දිනටත් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගෙන්   පැය හතක් ප්‍රශ්න කළ බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

පෙරවරු 9.30ට පමණ එහි ආ ඔහුගෙන් අද වන විට පැය විස්සක් පමණ ප්‍රශ්න කැර ඇත.

යළි ප්‍රශ්න කිරීමටද නියමිතය.