දුමින්ගෙ ආධාරකරුවෝ පෙළපාලි යති


වසර එකහමාරකට ආසන්න කාලයක් සිංගප්පූරුවේ හා ශ්‍රී ලංකාවේ රෝහල් ගතව සිටි දුමින්ද සිල්වා සුවය ලබා පිටවී ද්දී පන් දහසක් පමණ ඔහුගේ ආධාරකරුවෝ නවලෝක රෝහල පැත්තේ සිට කොල්ලුපිටිය පිත්තල අංදිය දක්වා පෙළපාලියකින් ගියහ.

දුමින්ද සිල්වාට ජයවේවා යනුවේයි ප්‍රීති ඝෝෂා කරමින් බැනරයක් ද ඔසවාගෙන ගමන් කළහ.

දුමින්ද සිල්වා රෝහලෙන් එළියට එද්දී රෝහල ඉදිරිපිට පත්තුකළ රතිඤ්ඤා හඩ මිනිත්තු 10ක් 12ක් මුළු පෙදෙසම දෝංකාර කළේය.

බොහෝ දෙනකුට මල් මාලා දමන්නට නොහැකි විය. එහි පැමිණි පිරිස වෙනුවෙන් මාළු පාං හා කිරි පැකට් සංග්‍රහයක් ද පැවැත්විණි.

(ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ)