දුම්වැටියේ පිළිකා ලේබල මසකින් පමා වේ


සිගරැට් ඇසුරුම් වල පිළිකා  කාරක  දෑ අඩංගු රූපමය සෞඛ්‍ය  අවවාද ප්‍රදර්ශනය අනිවාර්යය කරමින්  නිකුත් කර ඇති ගැසට්  නිවේදනය මාර්තු 28 වැනි දින තෙක්  ක්‍රියාත්මක නොකරන බවට සෞඛ්‍ය  අමාත්‍යංශය  වෙනුවෙන්  නීතීපති  අද  ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දු විය.

නියෝජ්‍ය  සොලිසිටර් ජනරාල්  අර්ජුන් ඕබේසේකර මහතා මෙසේ පොරොන්දු වුයේ ලංකා දුම්කොළ  සමාගමෙන් මගින් ගොනු කැරැණු  අභියාචනයක් සලකා බැලු අවස්ථාවේදිය.

අගවිනිසුරු මොහාන් පීරීස්, නිමල් ගාමිණි අමරතුංග මහත්වරුද  ඊවා වනසුන්දර මහත්මියද විනිසුරු මඬුල්ලට අයත් වුහ.