දුම්වැටි විරෝධය ලිප්ටන් වට රවුමේ


දුම්වැටියට එරෙහි වීමේ දිනය නිමිත්තෙන්  සංවිධානය කළ පාගමනක්  අද (13) උදෑසන  නෙළුම් පොකුණ  ප්‍රධාන දොරටුව අසලින්  ලිප්ටන් වටරවුම  ඔස්සේ විහාරමහා දේවී  එළිමහන් රංග පීඨය දක්වා ගමන් කෙරිණි.

සර්ව ආගමික පුජකවරුද  සෞඛ්‍ය වෘත්තිය සංගම් ,පාසල් සිසුන්,සිවිල් සංවිධාන හා මහජනයාද ඊට එක් වුහ.