දුම්වැටි නිවාරණ ජගත් සම්මානය රාජිතට


දුම්වැටි නිවාරණය පිළිබඳ ජගත් විශිෂ්ටතා සම්මානය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට හිමි විය.

දුම්වැටි හා මධ්‍යසාර භාවිතය අවම කිරීමට සේනාරත්න මහතා කළ කාර්ය භාරය ඇගයීමට ලක්කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය සම්මානය පිරිනැමීය.

එම සම්මානය සේනාරත්න මහතාට භාර දීමේ උත්සවය මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියා අධ්‍යක්ෂිකා වෛද්‍ය පුනාම් කේත්‍රාපල් සිංගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

DSC_7002 (1) (Copy)