දුම්රියේ දෙන්නකුගේ වැඩ තහනම්


කොටුව දුම්රිය ස්ථානයේදී  බ්‍රහස්පතින්දා (19)  පස්වරුවේ දුම්රිය දෙකක් එකිනෙකට මුහුණ ලා  ගැටීමෙන් සිදු වීමට ගිය අනතුර  පිළිබඳව අංක 424 හලාවත දුම්රියේ රියදුරු හා ප්‍රධාන නියාමකගේ සේවය වහාම අත්හිටුවා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ  ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.