
( කුෂාන් ජයවර්ධන)
කොළඔ මඩකලපුව දුම්රිය මාර්ගයේ මොරගොල්ලාගම දුම්රිය ස්ථානය ආසන්න ප්‍රදේශයකදී දුම්රියේ ගැටීමෙන් තුවාල ලබා සිටි කිඹුලෙක් පශු වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කිරීමට හේරත්ගම වනජීවී නිලධාරීහු කටයුතු කළහ.
දුම්රියේ ගැටීමෙන් තුවාල ලබා සිටි එම කිඹුලා අල්ලා ගැනීමෙන් පසු ප්‍රතිකාර සදහා නිකවැරටිය වනජිවී පශු වෛද්‍ය ඒකකයට යොමු කිරීමට ඊයේ (06) හේරත්ගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීහු කටයුතු කළහ.
දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරින් එම කිඹුලා බරපතළ තුවාල ලබා තිබිණි. කිඹුලා ප්‍රතිකාර සදහා රැගෙන යාමට අල්ලා ගැනීමට කටයුතු කළ අවස්ථාවේ වනජීවී නිලධාරීන්ට පහරදීමට උත්සහ ගන්නා අයුරුද දැක ගැනීමට හැකි විය.
හේරත්ගම වනසත්ව අඩවි ආරක්ෂක නීතිඥ චතුර ගුණරත්න මහතාගේ උපදෙස් අනුව එම කාර්යාලයේ නිලධාරීන් පිරිසක් කිඹුලා ප්‍රතිකාර සදහා යොමු කිරීමට කටයුතු කරනු ලැබීය.



