( ක.ග කරුණාරත්න,චාපා මධුභාෂිණි සහ ඩබ්ලිව්.ඒ පියතිලක )
කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ ඉන්ධන රැගත් දුම්රියකට අද (18) අලුයම 4.30 ට පමණ හබරණ පලුගස්වැව පුවක්පිටිය ප්‍රදේශයේදී දී අලි රංචුවක් හැපීම නිසා දුම්රිය පීලි පැන පෙරළී ගොස් ඇතැයි හබරණ පොලිසිය කියයි.
මේ අනතුරින් ගැබ්බර ඇතින්නක හා ඇගේ කුස සිටි පැටියාද තවත් අලියෙ දෙදෙනකු ද මියගොස් ඇත.
අනතුරින් දුම්රිය මාර්ගයට දැඩි ලෙස හානි සිදුව ඇතැයි පොලීසිය සඳහන් කරයි. හබරණ පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.