දුම්රිය හරස් මගට ගේට්ටුවක් ඉල්ලා ගම්වාසීහු උද්ඝෝෂණයේ


මහව නාගොල්ලාගම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ දී අද (31) ත්‍රිරෝද රියක් ගැටීමෙන් පසු ගම්වැසියෝ එතැනට පැමිණ දුම්රිය ගේට්ටුවක් ඉල්ලා දුම්රිය මාර්ගයේ වාඩි වී  උද්ඝෝෂණයක් කළහ. තිරෝද රියේ රියැදුරා ඉන් පැන දිවි බේරා ගත්තේය.

පැය දෙකකට ආසන්න කාලයක් උද්ඝෝෂණය පැවැති අතර වයම පළාත් සභා මන්ත්‍රී බණ්ඩාර රාජපක්ෂ මහතා පැමිණ, දුම්රිය ගේට්ටුවක් හා මුරකරුවන් ලබා දෙන බව පොරොන්දු වීමෙන් පසු උද්ඝෝෂණය අවසන් විය.