දුම්රිය සේවකයා මහා අනතුරක් වළක්වයි


උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙළ කොළතැන්න දුම්රිය හරස් මාර්ගයේදී සිදුවීමට ගිය දුම්රිය ලොරි අනතුරක් වළක්වා ගැනීමට දුම්රිය  ගේට්ටුකරු රාමයියා වර්ධරාජා මහතා සමත්විය. සිමෙන්ති පටවා ගත් ලොරියේ තිරිංග කැඩී යාම නිසා දුම්රිය මාර්ගයේ මීටර් කිහිපයක් ලොරිය ඇදී ගියේය. ඒ වන විට බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රිය  බණ්ඩාරවෙළ දුම්රිය ස්ථානය ද පසු කර තිබිණි. ඒ බව වටහා ගත් වර්ධරාජා මහතා  දුම්රිය එන මගට දිව ගොස් රතු කොඩියක් අල්ලා දුම්රිය නතර කර ගැනීමෙන් සිදුවීමට ගිය මහා අනතුරක් වළක්වා ගත්තේය.