(යොහාන් භාසුර)
දුම්රිය ස්ථානාධිපතිවරුන් 44 දෙනෙක් ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රවාහන උප දෙපාර්තමේතුවට අයත් සේවකයන් 121 ක් අද (18) පස්වරුව වන විට ‘කොවිඩ්’ ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබූ බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසීය.
දුම්රිය නියාමකවරුන් 14 ක් සහ දුම්රිය ස්ථාන කාර්ය මණ්ඩල සාමාජිකයන් 63 ක් ‘කොවිඩ්’ ආසාදිත පිරිසට ඇතුළත්ව සිටින බව කී කසුන් චාමර මහතා අද දිනයේ පමණක් ආසාදිතයන් හය දෙනෙක් අලුතින් හදුනාගෙන ඇති බව සඳහන් කළේය.
‘කොවිඩ්’ ආසාදිතයන් හදුනාගැනීම නිසා අද (18) පස්වරුව වන විට දුම්රිය ස්ථාන නවයක් වසා තිබූ බවත් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා කීය.
ඉඳුරුව, විල්වත්ත, හෙට්ටිමුල්ල, එගොඩඋයන, උතුරු කළුතර, ගම්මාන තල්පේ, තලෙයිමන්නාරම සහ බුළුගගොඩ යන දුම්රිය ස්ථාන මේ වන විට තාවකාලිකව වසා ඇති බවත් කසුන් චාමර මහතා පැවසීය.
තලෙයිමන්නාරම දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරු දෙදෙනකු ඇතු`ඵ තිදෙනක් කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනාගැනීම නිසා එම දුම්රිය ස්ථානය අද (18) පෙරවරුවේ තාවකාලිකව වසා දැමීමත් සමඟ වසා දැමූ දුම්රිය ස්ථානවලට එකතු විය.

