දුම්රිය වැටුප් නැති වුණොත් දුම්රිය කොට උඩ


දුම්රිය වැඩ වර්ජනය පැවතියද අද (08) පෙරවරුවේ දුම්රිය 7 ක් සහ පස්වරුවේ  දුම්රිය දෙකක් ධාවනය කළ බව  දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

සාමාන්‍ය දිනකට දුම්රිය 400 ක් පමණ ධාවනය කැරේ.

වැටුප්තලය ලබා නෙදීමට විරෝධය දක්වා  ඊයේ (07)මධ්‍යම රාත්‍රියෙන් ආරම්භ වු පැය 48 වර්ජනය  හෙට මධ්‍යම රාත්‍රියෙන්  අවසන් වුවද  යළි දින කිහිපයකින්  අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවද  දුම්රිය ශ්‍රේණිගත වෘත්තිය සමිති එකමුතුවේ  කැදවුම්කරු  ජනක ප්‍රනාන්දු මහතතා පැවැසීය.