දුම්රිය වාරණය දික්ගැහෙයි


ඔක්තෝබර 8වැනි දා සිට 10 වැනි දා දක්වා දින තුනක් පැවැති දුම්රිය වැඩවර්ජනය නතර කරන දුන් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලමින් දුම්රිය වෘත්තිය සමිති අද කොළඹ දිසා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

ඔවුන් කීවේ දුම්රිය ආඥාපනත අනුව තම ඉල්ලීම් වෙනුවෙන් වැඩ වර්ජනය කළ බවයි.

පැමිණිලිකාර මගීන් තිදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කීවේ පෙර දැනුම්දීමකින් තොරව වැඩවර්ජනය පැවැත්වීම නිසා මගීන් අපහසුතාවට පත්වූ බවයි.

දෙපාර්ශ්වයේම කරුණු සැලකා බැලූ දිසා විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය  වාරණය ඉවත් කරනවාද නැද්ද සලකා බැලීම ලබන 05 වැනිදාට කල් තැබුවාය.