දුම්රිය බලවේග එන්ජින් රියැදුරන් අද උදෑසන සිට ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය මගීහු මහත් අපහසුතාවට පත් වුහ.
කොළඹ කොටුවේ සිට දුර පළාත් වලට යාම සදහා මගීහු විශාල පිරිසක් එහි රැදී සිටි නමුත් පැමිණියේ දුම්රිය කිහිපයක් පමණි.
රාත්‍රියේ ගමන් ඇරැඹු දුම්රියන් පමණක් නැවත කොළඹ කොටුව දුම්රිය ස්ථානය කරා අද පැමිණි අතර කොළඹින් පිටත්ව ගියේ බලවේග දුම්රියන් හැර එන්ජින් දුම්රියන් පමණි.