කොළඹ ඊපීසීඑස් ධාවනාගාරයේ දුම්රිය රියදුරකු හා සේවකයකු අතර ඇති වූ බව කියන ගැටුමකින් පසු එස් නවය හා දහය බලවේග දුම්රිය රියදුරන් කෑම ප්‍රශ්නයක් මත අද උදේ වර්ජනයක් ඇරැඹූ බව දුම්රිය ආරංචි කියයි.
මේ වන විට බලවේග ධාවන දුම්රිය 10ක් අහෝසි කර ඇත.
දුම්රිය රියදුරන්ගේ රාජකාරි වේලාව සිහිපත් කරන සේවකයකු ගෙනා උදේ කෑම වේල පිළිබඳ ප්‍රශ්නයක් ගැටුමට මුල් වී ඇතැයි දැනගන්නට ඇත.