දුම්රිය වර්ජකයන්ට ඇමැතිගෙන් බුරුලක් නෑ


අද දුම්රිය වාර 81 ක් ධාවනය කළ බවත් එක් පුද්ගලයකුට බය වී දුම්රිය පාලනය කළ නොහකි බවත් ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා කළුතර දී අද (14) ප්‍රකාශ කළේය. විශ්‍රාමික රියැදුරන්ද කැඳවා ඇතැයි කී ඇමැති වර්ජකයන්ගෙන් ද ඉල්ලා සිටියේ වැඩට පැමිණෙන ලෙසයි. වර්ජනය කරන වෘත්තිය සමිතිය වසර පහකින් වත් මහ සමුළුවක් කැඳවා නැති බවත් ඇමැති කීවේය.