
(යොහාන් භාසුර)
දුම්රිය රියදුරු සංගමය ඊයේ (23) හිටිහැටියේ ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද (24) පෙරවරුවේ දුම්රිය ගමනාගමනයට බාධා ඇති වීමට බොහෝ දුරට ඉඩ ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් පැවසීය.
දුම්රිය රියදුරු සේවා වාරවල යෙදවීමේ ගැටළුවක් පදනම් කර ගනිමින් මෙසේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දුම්රිය රියදුරන් ආරම්භ කළ බවද එම නිලධාරියා කීය.
මෙම වර්ජනය හේතුවෙන් ඊයේ රාත්‍රී ධාවනය වීමට නියමිත දුම්රිය ගමන් වාර අවලංගු වීම හේතුවෙන් අද පෙරවරුවේ පිට පලාත්වල සිට කොළඹ දක්වා ධාවනය ආරම්භ කරන දුම්රිය වැඩි සංඛ්‍යාවක් අවලංගු වීමට ඉඩ ඇති බවද එම නිලධාරියා කීය.
සාමාන්‍ය පරිදි ඊයේ පස්වරුවේ ධාවනය වීමට නියමිතව තිබු බලවේග දුම්රිය ගමන් වාර අවලංගු කිරීමට දුම්රිය පාලනාධිකාරියට සිදුවූ බවත් කොළඹ කොටුව සිට ධාවනය ආරම්භ කිරීමට නියමිතව තිබූ පස්වරු 6.40 රඹුක්කන දුම්රිය, පස්වරු 7.10 අඹේපුස්ස දුම්රිය, රාත්‍රී 8.50 පොල්ගහවෙල දුම්රිය, රාත්‍රී 9.50 මීරීගම දුම්රිය සහ රාත්‍රී 11.00 රඹුක්කන දුම්රිය ඇතුලු දුම්රිය ගමන් වාර 12 ක් පමණ අවලංගු කළ බවත් එම නිලධාරියා සඳහන් කළේය.

