(යොහාන් භාසුර)
දුම්රිය රියදුරන් රැසක් සේවයට නොපැමිණීම හේතුවෙන් අද (16) දිනයේ දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
අවලංගු කළ දුම්රිය ගමන් වාරවලින් වැඩි සංඛ්‍යාවක් ප්‍රාදේශීය දුම්රිය බව කී එම නිලධාරියා දුරගමන් සේවා දුම්රිය ධාවනය කිරීමට කටයුතු කරමින් සිටින බව ද සඳහන් කළේය.

